/ Oct 05, 2026

කථානායකට එරෙහි සජබ තීන්දුව අද!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ, පිළිබඳ අවසන් තීන්දුව අද (05) රැස්වන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

“කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලුම පක්ෂවල නායකයන් සාකච්ඡා කරමින් ඉන්නවා. දැනට අපි මේ විශ්වාසභංගය කෙටුම්පත් කරලා තියෙන්නේ. මේ විශ්වාසභංගය ඉදිරිපත් කරන දිනය පිළිබඳව අපි අද දිනයේ තීරණය කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top