මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත්වලට ලිපි සැපයූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට හා නිදහස් ලේඛකයන්ට කළ යුතු ගෙවීම් වසර ගණනක් තිස්සේ පැහැර හැරීමට සිලෝන් නිව්ස්පේපර්ස් ගිනුම් අංශයේ ප්‍රධානීන් අනුගමනය කළ කූට උපක්‍රමයක් අතටම අල්ලා දීත් එහි හිමිකරු ටිරාන් අලස් කිසිදු පියවරක් නොගත් බවට ‘ලංකා ටයිම්ස්’ වෙත තොරතුරු වාර්තා වී තිබේ.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ හා නිදහස් ලේඛකයන්ගේ ගෙවීම් කෙරෙන බැංකු ගිනුම් අංක විකෘති කිරීමේ සිදුවීමකින් මේ බව අනාවරණය වී ඇති අතර ඒ ගැන මව්බිම ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් එහි කතුවරයාට පැමිණිලි කර ඇත.
මෙම සිදුවීම වනවිට එහි හිමිකරු වන ටිරාන් අලස් පැවැති ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමැති ධූරය දරමින් සිට ඇති අතර ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන්ගේ යෝජනාව වී ඇත්තේ එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මට්ටමින් සෙවිය යුතු බරපතල සිදුවීමක් බවය.
ඒ සම්බන්ධයෙන් සොයා බලන බවට පොරොන්දු වුවද කිසිදු විමර්ශනයක් සිදු වී නැති අතර බැංකු ගිනුම් අංක විකෘති කිරීම සොයා දුන් සේවිකාව ද කෙටි කලකට පසු මව්බිම ආයතනයෙන් ඉවත්ව ගොස් තිබේ.
සිදුවීම ගැන කර්තෘ මණ්ඩල ප්‍රධානීන් අවස්ථා කීපයකදී හිමිකාර ටිරාන් අලස්ට සිහිකැඳවා ඇතත් ඒ ගැන විමර්ශනයක් කර නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සිලෝන් නිව්ස්පේපර්ස්හි ජ්‍යෙෂ්ඨ සේවක පිරිසක් පැවසුවේ මෙම බැංකු ගිනුම් අංක විකෘති කිරීම ගිනුම් අංශය හා හිමිකරුවන් එක්ව කළ නාටකයක් විය හැකි බවයි.
එය මුළුමනින්ම තාක්ෂණික දෝෂයක් නිසා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මුදල් ගෙවීම් පමා වී ඇති බවක් සන්නිවේදනය කිරීම සඳහා යෙදූ කූට උපායක් විය හැකි යැයි ඔවුහු කීහ.
මෙම තත්ත්වය හමුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කණ්ඩායමක් පුවත් වර්ජනය කරමින් සටන් කිරීමට උත්සාහ කළ ද අතලොස්සක පිරිසක් පාවා දීම නිසා සටන අතරමග නතර වී යැයි ද ඔවුහු කීහ.
කෙසේ වෙතත් මෙම සිදුවීම ගැන සිලෝන් නිව්ස්පේපර්ස් මානව සම්පත් අංශය වාර්තා තැබීමක් හෝ කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් කර නැත.
මානෙල් ඩේවිඩ්





