/ Nov 06, 2026

දීපවාලී වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක්!

දීපාවලී උත්සවය වෙනුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් ලංගම සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

මෙවර දීපාවලී උත්සවය නොවැම්බර් 8 වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ගම්බිම් බලා යන විශාල පිරිසක් අද (06) සිට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ වෙත පැමිණෙනු ඇති බව අපේක්ෂා කරයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ආසන වෙන්කිරීමේ සේවාව පවත්වාගෙන යනු ලබන ආයතනය සඳහන් කරන්නේ අද (06) සහ හෙට (07) දෙදින තුළ කොළඹ සිට හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ වෙත ධාවනයවන බස් රථවල ආසන විශාල ප්‍රමාණයක් මේ වනවිටත් වෙන්කරගෙන අවසන් බවයි.

මීට අමතරව යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව සහ අම්පාර වැනි ප්‍රදේශ වෙත ගමන් කරන බස් රථවල ආසන ද මේ වන විට කඩිනමින් වෙන් වෙමින් පවතින බව සඳහන්.

එබැවින් උත්සව සමයේ ඇතිවිය හැකි අධික තදබදය මඟහරවා ගනිමින් තම ගමන් කටයුතු පහසුවෙන් සලසා ගැනීම සඳහා 1315.lk හෝ sltbeseat.lk යන වෙබ් අඩවි වෙත පිවිස කල්වේලා ඇතිව ආසන වෙන්කරවා ගන්නා ලෙස අදාළ ආයතන මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top