/ Apr 20, 2025

වාරියපොළ ගුවන් අනතුර ගැන ගත් විශේෂ තීරණය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුර පිළිබඳ විමර්ෂණයට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර ඇත.

ගුවන් හමුදාව පවසන්නේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් 7ත් දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් මේ සඳහා පත්කළ බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටිණි.

ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලගණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවීම් සඳහා යොදාගනු ලබන K – 8 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත් වී පැරිෂුටි ආධාරයෙන් ගොඩබැස තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top