/ Apr 20, 2025

“මාධ්‍ය ප්‍රකාශක වගකීමෙන් ඉවත් වුණේ නෑ – ඒක පුද්ගලික හේතුවක්” ;ඉල්ලා අස්වීම ගැන SSP මනතුංග කියූ කතාව

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරන තුරු තමා තවදුරටත් එම තනතුර අදාළ රාජකාරියේ නිරත වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතීඥ බුද්ධික මනතුංග පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පොලිස් නිලධාරියෙක්ට යම් වගකීමක් පැවරුවට පස්සේ ඒ වගකීමෙන් ඉල්ලා අස්වීමේ හැකියාවක් නැහැ. නමුත් මම මගේ පුද්ගලික හේතු මත ස්ථාන මාරුවක් ඉල්ලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා ඉදිරියේදී නිලධාරියෙක් පත්කරන තුරු පවරලා තියෙන වගකීමෙන් මිදීමට මට හැකියාවක් නැහැ. ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ ඉදිරි කටයුතු සිදුවෙලා ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් යම් තීරණයක් ලබාදෙන තුරු මම මේ තනතුරේ රාජකාරී කටයුතු කරනවා. ඒකයි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ස්වභාවය වෙන්නේ.”

”මම ඉදිරිපත් කරපු ඉල්ලීම අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත්කිරීමක් කරන තුරු මම මගේ රාජකාරී කටයුතු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ඉදිරියටත් සිදුකරනවා.”

යනුවෙන් ද ඔහු පැවසුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top