/ Aug 13, 2026

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට!

Reporters Without Borders (RSF) ආයතනය විසින් නිකුත් කරන ලද 2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට (World Press Freedom Index) අනුව ලොව පුරා රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව 134 වන ස්ථානයට පත්වෙමින් 2025ට සාපේක්ෂව 2026 වන විට ස්ථාන 5ක ධනාත්මක ප්‍රගතියක් වාර්තා කර තිබේ.

2024 වසරේදී 150 වන ස්ථානයේ (ලකුණු 35.21) සහ 2025 වසරේදී 139 වන ස්ථානයේ (ලකුණු 39.93) පසුවූ ශ්‍රී ලංකාව මෙවර සිය දර්ශක අගය ලකුණු 40.77 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී ඇත.

දේශපාලන, ආර්ථික, නීතිමය, සමාජීය සහ ආරක්ෂක යන ප්‍රධාන පරිසරයන් පහක් පදනම් කරගනිමින් අදාළ ඇගයීම් සිදුකර ඇති අතර, ශ්‍රේණිගත කිරීම්වල මෙලෙස ප්‍රගතියක් පෙන්නුම් කළද, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය ස්වාධීනත්වය සහ මාධ්‍ය හිමිකාරීත්වයේ සංකේන්ද්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ තවමත් අභියෝග පවතින බව RSF ආයතනය සිය නවතම වාර්තාවෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top