මෙරට තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශීය රටකට අපනයනය කිරීමට ඊයේ (29) සිදු විය.
පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටින් මාළු මෙලෙස අපනයන කිරීම අරඹා ඇත.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෙම ටින් මාළු අපනයන කරනු ලැබීය.
මෙම ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ (29) දින එම කර්මාන්තශාලා පරිශ්‍රයේ දී සිදු කෙරුනේ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ගේ ප්‍රධාන්තවයෙනි.
මාසයකට ටින් මාළු බහාලුම් දෙකක් අපනයන කිරීම මෙම කර්මාන්ත ශාලාවේ අරමුණ වී ඇති අතර, මෙමඟින් මේ වසර තුළ ඩොලර් මිලියන 08ක ආදායමක් අපේක්ෂා කෙරේ.