/ Apr 19, 2025

වෛද්‍යවරයෙකුට ගුටි ; කෑගල්ලේ දන්ත වෛද්‍යවරු වැඩවරති

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥවරයෙකුට රෝගියෙකු විසින් පහර දී තිබේ.

රෝහල් පරිශ්‍රය තුළදී පහර අද (28) පස්වරුවේ දී එම පහරදීමක් සිදුකර ඇතැයි සඳහන්.

එයට විරෝධය පළ කරමින් එම දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් හෙට දහවල් 12 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලක්මිණ ඒකනායක මහතා සඳහන් කරනුයේ සිද්ධිය පිළිබඳ සිය සංගමය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතභාවට තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධය පළ කරන බවත්ය.

රෝහල් පද්ධතිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම රජයේ වගකීමක් වනු ඇති බවද ලේකම්වරයා සිය ලිපිය මගින් දන්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top