බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාර වීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම යන චෝදනා මත අත්අඩංගුවට ගැනුණු කෝටිපති ව්‍යාපාරිකයා ඇපයක් මත මුදාහැර තිබේ.
සැකකරු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මතමුදාහරින ලෙසයි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා නියෝග කර ඇත්තේ.
මෙලෙස ඇප නියම වූයේ තලවතුගොඩ, ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගිනිතොට පොල්වත්තගේ සුරංග සංජීව වීරසූරිය නමැති කෝටිපති ව්‍යාපාරිකයෙකුටයි.
සැකකාර ව්‍යාපාරිකයා විසින් තම මෝටර් රථ යොදාගෙන දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසු ඔහුව දෙවරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණි.
සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත්ව සිටිය දී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ පසුවිය.
එහිදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා සැකකරු ප්‍රතිකාර ලබමින් සිටි තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කර බැලීමෙන් පසු එම නියෝගය ලබාදීමට කටයුතු කර තිබුණි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය අප්‍රේල් මස තුන්වෙනි දින යළි කැඳවීමට ද නියෝග කර තිබේ.