‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ “X” ගිණුමෙහි සටහනත් තබමින් පවසයි.
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 අගෝස්තු 14 වනදා කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා හා ලෝකයේ ඕනැම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට මෙමගින් හැකියාව හිමිවනු ඇති බව වාර්තා වේ.
Starlink යනු අමෙරිකානු අභ්‍යවකාශ සමාගමක් වන SpaceX හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ජාත්‍යන්තර විදුලි සංදේශ සැපයුම්කරුවෙකු වන Starlink Services, LLC විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.
චන්ද්‍රිකා අන්තර්ජාල තාරකා මණ්ඩලයක් ඇසුරින් මෙම ක්‍රියාවලිය සිදු වන්නේ එය රටවල් සහ ප්‍රදේශ 130කට පමණ ආවරණය සපයමිනි.
එය ගෝලීය ජංගම පුළුල් පරාස සැපයීම ද අරමුණු කර ඇති අතර විදෙස් මාධ්‍ය පවා වාර්තා කර ඇත්තේ, SpaceX සමාගමේ වර්ධනයට Starlink උපකාරී වී ඇති බවයි.
SpaceX 2019 දී Starlink චන්ද්‍රිකා දියත් කිරීම පළමු වරට ආරම්භ කෙරුණු අතර ඉන් වසර 06 කට පමණ පසුව ශ්‍රී ලංකාවට ද මෙම තාක්ෂණය එක්වීම සුවිශේෂී සන්ධිස්ථානයකි.