පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෑතකදී දුන් ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ජාතික පොලිස් කොමිසම අතර හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දක්වා ගොස් ඇතැයි වාර්තා වේ.
පොලිස් ස්ථානාධිපතිවරුන්ට පත්වීම් ලබාදීමේ වගකීම තමාට පවරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජාතික පොලිස් කොමිසමෙන් පසුගිය සතියේදී ලිඛිතව ඉල්ලීමක් කර ඇතත්, එයට ලිඛිතව ප්‍රතිචාර දක්වමින් ජාතික පොලිස් කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම ලිපියේ පිටපතක් ජාතික පොලිස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද යොමුකර ඇතැයි සඳහන්.
පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු වලට ජාතික පොලිස් කොමිසම මැදිහත් වන බවට වැඩ බලන පොලිස්පතිවරයා චෝදනා කිරීමත් සමඟ මෙම මතභේදාත්මක තත්ත්වය හටගෙන තිබේ.
කෙසේ වෙතත් ඉකුත් 22 වෙනිදා පැවති මාධය හමුවකදී වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ ස්ථාන මාරුවීම් ලබා දීමට අවශ්‍ය බලය නොමැතිව තමන් නමට පමණක් සීමා වූ පොලිස්පතිවරයකු වනු ඇති බවයි.