/ Sep 03, 2026

22ට එරෙහි පෙත්සම් විභාගය අදත්!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම වෙනුවෙන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (01) පෙරවරුවේ ආරම්භ විය.

ඊයේ පස්වරු 10.30 පමණ වන තෙක්ම පෙත්සම්කාර පාර්ශ්වයේ දේශන ඉදිරිපත් කිරීම සිදුකෙරුණු අතර පෙත්සම් විභාගය අද (02) දිනය දක්වා කල්තැබීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ල නියම කරන ලදී.

ඒ අනුව අද දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදුකිරීමට නියමිතයි.

22 වන සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67 ක් ගොනුකර ඇති අතර ඒ අතරින් 41ක්ම ඔන්ලයින් ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයකි. එසේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ද පෙත්සම් 05ක් ගොනුකර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top