/ Mar 13, 2025

පොලිසියේ පරණ තැටිය වැයේ: සැකකරුවන් දෙදෙනෙක් වෙඩි කා නසී!

ඊයේ (පෙබරවාරි 21) කොළඹ, කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි දෙදෙනෙක් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වී තිබේ.

බොහෝ කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වූ පසු පොලිසිය විසින් කියන කතාව වන සඟවා තිබූ ආයුද පෙන්වීමට ඔවුන් රැගෙන ගිය විට පොලිසිය සතු ගිනි අවි උදුරා ගැනීමට තැත් කළ පසු වෙඩි තැබුවා ය යන කතාව මෙම සිද්ධියේ දී ද හේතුව ලෙස පොලිසිය විසින් කියා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.

“ඊයේ (21) රාත්‍රී 9ට පමණ කොටහේන වීදිය ජංගම දුරකථන අලෙවිසැලක් තුළදී 38 හැවිරිදි ශෂි කුමාර් නමැති පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකළා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා. වෙඩිවැදුණු පුද්ගලයා රෝහල් ගත කිරීමේන් පසු ජීවිතක්ෂයට පත් වුණා. වෙඩිතැබීමට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පලායමින් සිටියදී පොලීසිය හඹා ගොස් අත්අඩංගුවට ගත්තා. මෙම ඝාතනය සඳහා භාවිත කළ යතුරුපැදිය සහ ගිනිඅවියත් එහිදී පොලිස් භාරයට ගැනුණා.පසුව ඊයේ රාත්‍රි කාලයේදී සැකකරුවන් සඟවා තිබූ තවත් අවි ආයුධ පිළිබඳ පොලීසියට ප්‍රකාශ කිරීමෙන් පසු එම ස්ථානය වෙත සැකකරුවන් රැගෙන ගියා. එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර තිබුණා. පොලිස් නිලධාරීන් විසින් ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබුවා. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා”

අධිකරණය ඉදිරියේ සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීම අයිතිවාසිකමකි. පොලිසිය සියල්ල තීරණය කර වරදකරුවන්ට දඬුවම්ද දෙන්නේ නම් ජනතා බදු මුදලන් අධිකරණ පද්ධතියක් නඩත්තු කරගෙන යෑමේ පලක් නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top