කටාර් රාජ්‍යයේ හිටපු නායකයාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.
එමීර්වරයා (Father Emir) ලෙස ගෞරවයට පාත්‍ර වූ කටාර් රාජ්‍යයේ හිටපු නායකය ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) මහතාගේ අභාවය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ සමස්ථ කටාර් රාජ්‍ය වෙත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හා ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම එහිදී සිදුවෙයි.
මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති අතර සංචාරය අතරතුර අගමැතිවරිය එමිර්වරයාගේ පවුලේ ඥාතීන් මෙන්ම එරට රාජ්‍යතාන්ත්‍රිකයින්ද හමුවීමට නියමිතයි.






