මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට පහර දී කනට තුවාල සිදු කළ පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු මෙම මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර විසින් මෙම නියෝගය නිකුත් කළ අතර, එහිදී සිසුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව ඉදිරිපත් කරන ලෙසට මැදිරිගිරිය පොලිසියට උපදෙස් ලබා දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා මැදිරිගිරිය පොලිසියට නියෝග කර ඇතැයි සඳහන්.