/ Mar 25, 2025

ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ කුමන්ත්‍රණයක්:චෝදනා!

Oil Order Finished - ceypetco

ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය චෝදනා කරයි.

මේ අතර ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3ක කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමට ද කටයුතු කරන බවද එම සංගමය පැවසුවේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇති කරන බලපෑම මත තමන්ට එක් ඇණවුමකින් රුපියල් 35,000ක පාඩුවක් සිදුවන බවටයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්කරුවන් ද ඉන්ධන ඇණවුම් අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top