/ Aug 22, 2026

බැස යන රම්‍ය සඳ කිරණ:නන්දා මාලිනියට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති පැමිණෙයි (VIDEO)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) රාත්‍රියේ නන්දා මාලනී සංගීත ආශ්‍රමය වෙත පැමිණියේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 05.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී පැවැත්වෙන අතර නන්දා මාලනියගේ අවසන් කැමැත්ත පරිදි කිසිදු අවමංගල සභාවක් පැවැත්වෙන්නේ නැති අතර ඉතාම චාම්, සරළ ආකාරයට එම කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් විශාල ජනකායක් ඇයගේ සංගීත ආශ්‍රමය වෙත පැමිණෙමින් සිටින අතර දේහය රැගත් රිය පෙරහැර පස්වරු 03.00ට නිවසින් පිටත් වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top