/ Mar 10, 2026

එක්දරු පියාගේ මරණයෙන් වාද්දුව කැළඹෙයි

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී ලේ වමනය දැමීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී කාර්යාලය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මිය ගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙක්.

මිය ගිය පුද්ගලයාව රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන පොලිස් ඇප මත මුදාහැරි බව පොලීසිය සඳහන් කළේය.

ඔහු නිවෙසට ගොස් සිටියදී රාත්‍රියේ ලේ වමනය කිරීමෙන් පසු පානදුර රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර සිටියදි මියගොස් ඇති බවයි ඔහුගේ ඥාතීන් පෙන්වා දෙන්නේ.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ (11) රාත්‍රියේ තල්පිටිය ප්‍රදේශවාසින් පැවැත්වූ විරෝධතාවයේදී උණුසුම් තත්ත්වයක්ද ඇති වී තිබූ අතර තත්ත්වය පාලනය සඳහා බණ්ඩාරගම, පින්වත්ත, මොරොන්තුඩුව, හිරණ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින්ද පොලිස් නිලධාරින් ද කැඳවා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top