/ Jul 15, 2026

විමල් වීරවංශගේ සොහොයුරා සරත් වීරවංශ අත්අඩංගුවට!

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පසුගිය දිනක ඔහු පානදුර ප්‍රදේශයේ තමන්ට අයත් නිවසක සිටින බවට නිලධාරින්ට ලැබී තිබූ තොරතුරකට අනුව එහි ගිය ද එම අවස්ථාවේදී ඔහු එහි සිට නොමැති අතර අද (15) ඔහු ගම්පහ සිටින බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top