මහජනතාව වැඩි වශයෙන් ගමන් ගන්නා පුත්තලම සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උප දුම්රිය ස්ථාන තුනක් වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
පුත්තලම් මාර්ගයේ බංගදෙණිය හා මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කල උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මත එම දුම්රිය ස්ථානය ඊයේ දින සිට තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති අතර
ඊට අමතරව මගී ජනතාව අධික ලෙස දුම්රිය භාවිතා කරනු ලබන මුහුදුබඩ මාර්ගයේ ආඳදොල දුම්රිය ස්ථානය මාස 11 ක කාලයක සිට හා අකුරළ දුම්රිය ස්ථානය මාස 09 ක කාලයක සිට වසා දමා ඇත.
මෙසේ මෙම දුම්රිය ස්ථාන වසා දැමීම මත එම දුම්රිය ස්ථානයෙන් මගී ජනතාව වෙත ප්‍රවේශපත් ලබා ගැනීම, වාර ප්‍රවේශපත් ලබා ගැනිම මෙන්ම , දුම්රිය සම්බන්ධයෙන් තොරතුරු හා දුම්රිය ප්‍රමාදය සම්බන්දයෙන් තොරතුරු දැන ගැනීමට නොහැකි වන අතර දුම්රියන් එම දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කරන නමුත් එහිදී දුම්රිය වෙත ඇතුළු වෙන එම මගීන් වෙනත් දුම්රිය ස්ථානයකදී ප්‍රවේශපත් ලබා ගත යුතු වෙයි. තවද රාත්‍රී කාලයේ එම උප දුම්රිය ස්ථානවල විදුලි ආලෝකය නොමැති වීම හේතුවෙන්ද මගී ජනතාව මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.
සහන දුම්රිය ස්ථානාධිපතිවරු යොදවා එම ස්ථාන නැවත විවෘත කර මහජනතාවට සේවය සැලසිය හැකි වුවද එලෙස සිදුකිරීමට නොහැකි වී ඇත්තේ වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් සමස්ථ දුම්රිය සේවකයන්ගේ අතිකාල ගෙවීම් කප්පාදුවට ලක් කිරීමට කටයුතු සැලසුම් කිරීම මත බව සඳහන්.






