පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට ජූනි 5 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කැඳවා තිබූ රැස්වීම ගැන කළ වාර්තාකරණය සම්බන්ධයෙන් බී.බී.සී සිංහල සේවයේ මාධ්‍යවේදීන් අනිද්දා(23) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා තිබෙන අතර මෙම කැඳවීම සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව අතීරණයක සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.
මන්ත්‍රීනී සංසදය කාරක සභාවක් නොවන පසුබිමක නැති බලයක් ආරෝපණය කරගනිමින් මේ කරන ක්‍රියාව තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතියට වැට බැඳීමක් බවට චෝදනා එල්ල වූ අතර විවිධ පාර්ශ්වවලින් විවෙචන රැසක් එල්ල වූයේ මාධ්‍ය නිදහසට මෙය බලපෑමක් බව පවසමිනි.
මේ ගැන ආණ්ඩුවට හිතවාදී සමහර පාර්ශවවලින් ද විවේචන එල්ල විය. නීතිඥ තිශ්‍ය වේරගොඩ සමාජ මාධ්‍ය සටහනක් පළ කරමින් මෙසේ පවසා තිබුණි.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමෙන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් හැරුනු කොට අනෙක් සියලු අධිකරණ බලය තියෙන්නේ අධිකරණ පද්ධතිය සතුවයි. වරප්‍රසාද සමබන්ධයෙන් වුනත් ඒ වෙලාවට බලපවත්නා නීතීන් අනුව තමයි පාර්ලිමෙන්තුවට අධිකරණ බලය භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පාර්ලිමෙන්තු වරප්‍රසාද පනත යටතේ තියෙන බලය විතරමයි.
ව්‍යවස්ථාව සහ ඒ පනත අනුව සහ පාර්ලිමෙන්තුවේ ස්ථාවර නියෝග අනුව “සංසඳ” කියන්නේ පාර්ලිමෙන්තුව හෝ එහි කමිටුවක්හෝ කාරක සභාවක් හෝ එහි අනු කමිටුවක් නෙමෙයි.
ඒ කියන්නේ පාර්ලිමෙන්තු වරප්‍රසාද පනත ඔය එක එක සංසද වලට අදාල වෙන්නේ නෑ.
ආහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා! යම්කිසි දෙයක් පාර්ලිමෙන්තු වරප්‍රසාද පනත යටතට වැටෙනවාද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් අධිකරණයට මිසක් පාර්ලිමෙන්තුවට නෙමෙයි.
මූලාශ්‍ර: Erskin May Parliamentary Practice, 23rd ed (2004);
R v Chaytor and others [2010] UKSC 52; Stockdale v Hansard (1839) 9 Ad & E 1






