ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා පෙරහැර සඳහා පරිත්‍යාග ඉල්ලා වට්ස්ඇප් හරහා පුළුල් ලෙස සංසරණය වන පණිවිඩය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බව පැහැදිලි කරමින් ශ්‍රී දළදා මාලිගාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ප්‍රකාශයට අනුව, දළදා පෙරහැර සඳහා අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව විසින් රජය සමඟ සහයෝගයෙන් සපයනු ලැබේ. තමන් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට හෝ අදාළ සංවිධාන කටයුතු සිදු කිරීමට කිසිදු පුද්ගලයෙකුට, කණ්ඩායමකට හෝ සංවිධානයකට අවසර දී නොමැති බව මාලිගාව අවධාරණය කරයි.
එවැනි නොමඟ යවන පණිවිඩ නොසලකා හරින ලෙසත් නිවැරදි තොරතුරු සඳහා ශ්‍රී දළදා මාලිගාවෙන් ලැබෙන නිල සන්නිවේදනයන් මත පමණක් විශ්වාසය තබන ලෙසත් දළදා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, මෙම ව්‍යාජ වට්ස්ඇප් පණිවිඩය මගින් මුදල් ලබා ගැනීමට ප්‍රසිද්ධ යූටියුබ්කරුවෙකු මැදිහත් වී ඇතැයි චෝදනා එල්ල වේ. එහි දැක්වෙන ගිණුම් අංකය ඔහුට අයත් බවත් ඔහු මේ සඳහා වීඩියෝ පටයක්ද නිකුත් කර ඇති බවත් සමහර ආරංචිමාර්ග කියා සිටී.