/ Apr 20, 2025

පෞද්ගලික අධ්‍යාපන ආයතන හිමිකරු සිසුවියන් 10ක් අපයෝජනය කරලා!

The owner of a private educational institution abused 10 female students!

කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සිය අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැමිණි සිසුවියන් 10 දෙනෙකු වරින් වර අපයෝජනයට ලක් කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.

48 හැවිරිදි මෙම පුද්ගලයා සිය අධ්‍යාපන ආයතනයේ නේවාසිකව ඉගෙනුම පිණිස පැමිණි සිසුවියන් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි චෝදනා නැගෙන්නේ. සිසුවියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top