/ Feb 05, 2025

තුර්කි හෝටලයක ඛේදවාචකයක් : මිය ගිය ගණන ඉහළට

turkey-hotel-fire

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 76 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් පිරිස් ගින්නෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මහල් 12 කින් යුත් අදාළ හෝටලය තුළ ගින්න හටගන්නා අවස්ථාවේදී පුද්ගලයින් 234 දෙනෙකු නවාතැන් ගෙන සිටි ඇති අතර අනතුරින් 51 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගින්න නිවා දැමීම සඳහා පැය 12ක පමණ කාලයක් ගතවී ඇති අතර ශීත කාලගුණික තත්ත්වයන් සමඟ ගිනි නිවනරථ පැමිණීමට පැයකට වැඩි කාලයක් ගත වීම හේතුවෙන් ගින්න පැතිරීමට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ගින්න හෝටලයේ අවන්හල් ප්‍රදේශයෙන් ගින්න ආරම්භ වී ඇති බවට සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ හෝටලයේ සිව්වන මහලේ අවන්හල් කොටසේ සිදුවූ පිපිරීමක් ඉහළ මහල් දක්වා පැතිරී ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top