පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයේ නිරත රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයට ඇතුලු වීමට උත්සහ දැරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා එම ප්‍රදේශයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති පසුබිමකයි මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ.