අධිකරණ නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කර පලක් නැති බව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ප්‍රකාශ කළේ ය.
ඒ සාක්ෂිකාර පොලිස් නිලධාරියෙකුට වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමිනි.
සාක්ෂිකරු අධිකරණයට රැගෙන ඒම පැමිණිල්ලේ වගකීම බව අවධාරණය කළ විනිසුරුවරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන මේ රට යන්නේ කොහෙටදැයි ප්‍රශ්න කළේ ය.
හිටපු පොලිස්පති දේශබන්දු සමග මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා ඇති උපපොලිස් පරීක්ෂක මධුරංග නමැති සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කිරීම විනිසුරුවරයා මෙලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීය.