/ Jul 30, 2025

ඡන්ද ප්‍රතිඵල ගැන සජිත් කියන දේ! ; අලුත් ගමනකට සූදානම්ලු

විපක්ෂය එකට එක්වී කටයුතු කරන්නැයි ජනතාව පණිවුඩයක් දී ඇති බව 2025 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුව පෙනී යන බව සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනතාව ලබා දුන් එම පණිවුඩය අනුව ක්‍රියාකිරීමට තමන් ඇතුළු පක්ෂය සූදානම් බවත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

“රටේ ජනතාව අපිට ලබාදීලා තියෙන පණිවිඩය තමා, විපක්ෂයේ සියලුදෙනා එකට එකතු කරගනිමින් රටේ ජනතාව අනුමත කරා බොරුව පරාජය කරමින්, සත්‍යවාදී, ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු විය යුතු යැයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉටුකරන්න අපි සුදානම්.

ඊට නායකත්වය ලබාදීමට අපි සුදානම්. ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුමදෙනා එකට එකතු කරගෙන ජනතාව බලාපොරොත්තු වෙන ජනතා සේවාවක්, ප්‍රතිපත්ති ගරුකව මේ ඇති වෙන එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටුකිරීම අපේ අරමුණයි. ඊට නායකත්වය ලබාදෙන්න අපි සුදානම්.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top