/ Jun 25, 2026

විජයදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ සජබ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1,200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

මේ අතර හිටපු ගුවන්තොටුපළ හා ගුවන්සේවා අධ්‍යක්ෂ අරුණ වරුෂවිතානද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top