කාත්තන්කුඩි පොලිස් වසමේ, මඩකලපුව කල්මුණේ මාර්ගයේ සිට අරියම්පති කාලි කෝවිල් අතුරු මාර්ගයේ ඊයේ (30) සිදු වූ බිහිසුණු අනතුරකින් 03 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
බස් රථයක් පසුපසට ධාවනය කිරීමේ දී දරුවාගේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලබාසිටි දරුවා අරියම්පති රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, ආරියම්පති 01 ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.
සිය මව සමඟ ඇයගේ වැඩපළ වෙත යන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුකළ බස් රථයේ රියදුරු කාත්තන්කුඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.