/ Apr 20, 2025

දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේ දී ඊයේ (26) රාත්‍රී 12ට පමණ මෙම අනතුර සිදුව ඇති අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් කලවාන රෝහලට ඇතුළත් කර ඇත.

අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ දී බවුසර් රථයට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ, බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙකු බවත් ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top