/ Aug 22, 2026

ඇලස්කාවේදී මගී ගුවන් යානයක් කඩාවැටීමෙන් 08 දෙනෙක් මරුට!

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය කඩා වැටී ඇති බව එරට හමුදාව පවසා ඇති අතර එය ඇන්කරේජ් නගරයේ සිට කේප් නිව්එන්හැම් වෙත පියාසර කරමින් තිබූ ‘Cessna 441’ වර්ගයේ යානයක් බවයි..

මෙම යානය බ්‍රහස්පතින්දා දහවල් 12.15 ට පමණ ගමනාන්තය ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව සඳහන්.

ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ (NTSB) ඇලස්කා කලාප ප්‍රධානී ක්ලින්ට් ජොන්සන් සඳහන් කර ඇත්තේ පෞද්ගලික ගුවන් ගමනක් සඳහා නියමුවන් දෙදෙනෙකු සහ මගීන් හය දෙනෙකු ඇතුළත්ව සිටි බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top