අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කර තිබූ වාහන 139 අතුරුදහන් වී ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවකින් හෙළිවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.
ඊයේ (11 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර අදාළ වාහන මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි මැදිහත්වීමක් මේ සම්බන්ධයෙන් සිදුකළ යුතු බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.




