විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇති බවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළෝ ය.
පසුගිය සතියේදී දීීහිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් තම නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ආණ්ඩුවට සෘජුව අභියෝග කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා අතර විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බව විපක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.




