/ Oct 19, 2025

පොලිස් මත්ද්‍රව්‍ය නාශක පුටු මාරුව ගැන වෙනස් කතාවක්

weligama police oic

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

තොරතුරුකරුවන්ට ලබාදීමට තිබූ රු ලක්ෂ 50ක මුදලක් අවභාවිත කිරීම, පරිපාලන දුර්වලතා සහ මාස තුනක් තුළ නිසි පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සිදුනොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා බව වැඩි දුරටත් සඳහන් වෙයි.

ඒ අනුව මොහු ස්ථාන මාරු කිරීම් සිදුකරන ලෙස පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පොලිස් කොමිෂන් සභාවට දැනුම්දී ඇති පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇති අතර අදාළ නියෝගය ඊයේ (15) දිනයේ දී ලැබී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් දන්වා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top