ඉන්දුනීසියාවේ මලුකු (Maluku) පළාතට ආසන්න බණ්ඩා මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන අතර ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්‍ෂා සහිත බව එම මධ්‍යස්ථානය තහවුරු කර ඇත.
මෙම නිවේදනය ජාතික සහ අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බවද ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද (17) අලුයම 2.41ට පමණ මෙම භූ චලනය ඇතිව ඇති අතර ඒ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 20ක් ගැඹුරිනි.
මෙම භූ කම්පනය ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ද දැනී ඇති බව වාර්තා වේ.
බටහිර පැපුවා ප්‍රදේශයට ආසන්න මුහුදු කලාපයේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර ඉන්දුනීසියානු බලධාරීන්ගේ වත්මන් තක්සේරුවලට අනුව සුනාමි අවදානමක් නොමැති බව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, තත්ත්වය පිළිබඳ බලධාරීන්ගේ නිල නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාවට උපදෙස් දී ඇත.





