/ Oct 25, 2025

පාසල් කාලය 2 දක්වා දීර්ඝ කිරීම : ගුරු සංගම් දැඩි තීරණයක

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 2026 වසරේ සිට පාසල් වේලාව විනාඩි 30කින් දිගු කර පස්වරු 2ක දක්වා පාසල් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

මේ සම්බන්ධයෙන් අදාළ කිසිවෙකුගෙන් නොවිමසා හිතුවක්කාර ලෙස මෙම තීරණය ගෙන ඇතැයි ඔවුන් චෝදනා කරති. කිසිම පර්යේෂණයක් හෝ මනෝවිද්‍යාත්මක සොයා බැලීමක් ඒ සඳහා කර නැති බවද ඔවුහු කියා සිටිති.

අද (24) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගුරු – විදුහල්පති සංගම් පැවසුවේ නොවැම්බර් 7 වනදාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට අවතීර්ණ වීමට තමන් පසුබට නොවන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top