/ Nov 13, 2025

අල්ලසට විරුද්ධයිලු. ඒත් අයවැයෙන් සල්ලි නෑලු – විපක්ෂයෙන් විරෝධය

අල්ලස් හා දුෂණ මැඩලීම අංක එකේ තබා කතා කළද ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොදෙන බවට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයෙන්ම පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මන්ත්‍රීවරුන්ට කැබ් දීමට උනන්දුව තිබුනද අල්ලස් කොමිසමට අවශ්‍ය ප්‍රතිපද දීමට කටයුතු කර නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”රාජ්‍ය මූල්‍ය කමිටුවට ගිහිල්ලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වේ මොකක්ද මට මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රමාණවත් තරම් මුදල් වෙන්කරන්නේ නෑ. පනතේ තිබෙනවා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ස්වාධීනත්වය තියෙනවා තමන්ගේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය අරමුදලක් ගොඩනැගීමට. ඒ අරමුදල සඳහා මුදල් සපයන්නේ නෑ. රජයෙන් අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ නෑ. කතාව නම් කථානායකතුමනි අල්ලස් හා දුෂණය මැඩලීම අංක එක කියල. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය මූල්‍ය කමිටුවට ඇවිල්ල කියනවා මට ප්‍රමාණවත් මුදල් දෙන්නේ නැහැ කියල. නැවත කියනවා මම අධිකරණයට යනවා රජයට විරුද්ධව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කරන්න කියල. ලැජ්ජා වෙන්න ඕනේ ගරු කථානායකතුමනි. එළියෙන් කතා කළාට අල්ලස හා දුෂණය මැඩලීම ගැන වැඩේට අවශ්‍ය කරන ප්‍රතිපාදන සපයන්න, පහසුකම් සපයන්න කතාවක් නැහැ.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top