/ Dec 06, 2025

වියට්නාමයට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය ගණන 41 දක්වා වැඩිවෙයි!

වියට්නාමයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

මේ අතර තවත් පුද්ගලයින් 09අතුරුදහන් බවද වාර්තා වෙයි.

පසුගිය සති අන්තයේ සිට මධ්‍යම වියට්නාමයට ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර නිවාස 52,000 කට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් යටව ඇති බව සඳහන්.

අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හට ගත් අතර නායයෑම්ද සිදුව තිබේ.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 05 කට පමණ විදුලිබලය අහිමි වී තිබෙන අතර පසුගිය දින තුන තුලදී මධ්‍යම වියට්නාමයේ ඇතැම් ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාපතනය හේතුවෙන් අඩි 05 ක් පමණ උසට ජලය රැදී ඇති බව ද එරට මාධ්‍ය පෙන්වා දී තිබේ.

1993 වසරට පසු එම ප්‍ර දේශයට ලැබුණු වැඩිම වර්ෂාපතනය ද මෙය ලෙසද වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top