අන්තර් ජලය හරහා ලිංගික අපරාධ සිදුකළ 33 හැවිරිදි තරුණයෙක්ට දකුණු කොරියානු අධිකරණය මඟින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
කිම් නොක් වන් නමැති එම පුද්ගලයා ලිංගික අපයෝජන සහිත ජායාරූප, වීඩියෝ ඇතුළු අන්තර් ජාල මාධ්‍ය බෙදාහැර ඇති අතර ලිංගික ක්‍රියා අන්තර්ගතයන් නිෂ්පාදනය කර මුදා හැරීමටද ඔහු වින්දිතයින්ට බලපෑම් කර ඇති බව අධිකරණයේදී අනාවරණය වී ඇත.
2020 වසරේ සිට 2025 දක්වා කාලය තුළ එම පුද්ගලයා අන්තර් ජලය හරහා එලෙස ලිංගික අපරාධ සිදුකර ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 261කුට බලපෑම් කර ඇති බව සඳහන්.
පිරමීඩ ආකාරයට එම අපරාධය ඔහු සිදුකර ඇති අතර වින්දිතභාවයට පත්වෙන පුද්ගලයින්ට බලපෑම් කර ඔවුන් හරහාද මෙම අපරාධ ක්‍රියාවට පුද්ගලයින් නතු කර ගෙන තිබේ.
පාස්ටර් ලෙස අන්වර්ථ නාමයෙන් ඔහු කුඩා දරුවන්ටද ලිංගික අතවර කිරීම සහ ළමා ලිංගික අපයෝජන පෙන්වන රූප බෙදා හැරීම සිදුකර ඇති බව අනාවරණය කරගෙන ඇත.
පසුගිය වසර කිහිපය තුළ ඔහු විසින් කරන එම වැරදි ක්‍රියාවන් ගැන පසුතැවිලි වන බව අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඔහු විසින් සිදුකරන ලද අන්තර් ජාල ලිංගික අපරාධ පිළිබඳ නිශ්චිත ගණනක් හෝ ප්‍රකාශ කිරීමට නොහැකි තරමට ඔහු එම අපරාධය සිදුකර ඇති බව ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.





