/ Dec 06, 2025

මහ බැංකු බැදුම්කර වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඇනහිටලාද? අගමැතිගෙන් ප්‍රතිචාර

මහ බැංකු බැඳුම්කර නඩුව ආණ්ඩුවට අවශ්‍ය ලෙස හැසිරවීමේ කිසිදු ක්‍රිය්වලියක් සිදුනොවන අතර ඊට ආණ්ඩුවෙන් කිසිදු බාධා කිරීමක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (26) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඒ, එම විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

”මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මඟින් කරන ලද නිර්දේශයන් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන කිරීමෙන් අනතුරුව ආයතන සහ පුද්ගලයින්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොණු කර ඇත. ආර්ථිකයට සිදුවූ බලපෑම තවමත් විමර්ශනය කරමින් පවතියි. අවුරුදු 10ක් ගතවුවද මේ පිළිබඳ විමර්ශනයක් සිදුඅක්ර නොමැත. ඒ පිළිබඳ පූර්ණ තක්සේරුවක් අදාළ විමර්ශනයෙන් පසුව හෙළිදරව් වනු ඇත. එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිවෙලින් මහ බැංකු අරමුදල් විෂයෙහි රු. 68 මිලියන එක්ලක්ෂ නවදාස් පන්සියක් ශත හැට නවයක් සහ සේවක අර්ථ සාධක අරමුදලේ විෂයෙහි රු. හය බිලියන නවසිය අසු නව මිලියන දෙලක්ෂ හැත්තෑ හත් නවසිය හතලිස් තුනයි ශත හැට තුනක් වශයෙන් පර්පෙචුවෙල් ට්‍රේෂරිස් විසින් සිදුකරන ලද අලාභය අයකර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා ඇත.” යනුවෙන් ඇය කියාසිටියාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top