/ Dec 07, 2025

නාය යෑමේ අවදානමක් – ප්‍රදේශ තුනක පවුල් ඉවත් කරයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශයේ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටින පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුවන්වැල්ල රත්තාගල ප්‍රදේශයේ පවුල් 11ක් රත්තාගල ප්‍රාථමික විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර වටවල රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටි පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකුද එම ප්‍රදේශයෙන් ඉවත් කර වැලිඔය දමිළ මහා විද්‍යාලය වෙත යොමු කර ඇත.

මේ වන විට ආපදාවට ලක්වූ ඇතැම් ප්‍රදේශවල වර්ෂාව පහව ගියද තවදුරටත් අවදානම් පහව ගොස් නොමැති හෙයින් ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුව ආරක්ෂාව තහවුරු කිරීන තුරු ආරක්‍ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top