ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති හානිය සමඟ බිත්තරයක මිල රු. 70ක් දක්වා ඉහළ යාම වැලැක්විය නොහැකි වනු ඇති අතර එය පාලනය කරගැනීම වෙනුවෙන් ඉතා ඉක්මණින් සත්ත්ව නිෂ්පාදනය සඳහා බඩ ඉරුඟු, හාල් ඇතුළු අමුද්‍රව්‍ය ලබා දෙන ලෙස මස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
එහි සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසන්නේ ගංවතුර ආපදාව හේතුවෙන් සත්ව ගොවිපොළවල් විශාල වශයෙන් විනාශ වූ අතර බිත්තර නිෂ්පාදනය කරන සත්තු ලක්ෂ 28 1/2 ක් පමණ විනාශ වූ බවයි.
‘‘ඇතිවූ ආපදා තත්ත්වය නිසා බිත්තර නිෂ්පාදනය කරන සත්තු ලක්ෂ 281/2 පමණ විනාශ වෙලා තියෙනවා, බිත්තර නිෂ්පාදන කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් ඇතිවෙලා තියෙනවා,කුකුල් ෆාම්, කූඩු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. සමහරක් ඒවා තිබුන තැනක්වත් හොයාගන්න නෑ. කුකුල් මස් කන්න එපා කියලා ප්‍රචාරයක් ගිහිල්ලා තිබුණා. මේ නිසා මේ දිනවලින් කුකුල් මස්වල ගණන් අඩුවෙලා තියෙනවා. නමුත් මේකෙ අනිසි විපාක ඉදිරියේදී බලාගන්න වෙන්නේ එළඹෙන උත්සව සමයේදී.කුකුල් මස් නැත්තටම නැතිවෙන්නන පුළුවන්. ගංවතුර ගලලා ෆාම් ගොඩක් කල් යට වෙලා තිබුනේ. ඉතින් කොහොමද නරක් වෙච්ච කුණු වෙච්ච කුකුලන් වෙළඳපොළට දාන්නේ. නරක් වෙච්චා මිනිස්සු කයිද? මේව බොරු කතා,ගංවතුරට අහුවෙච්ච කිසිම කුකුළෙක් වෙළඳපොළට දාලා නැහැ. ඉතා ඉක්මණින් සත්ත්ව නිෂ්පාදනය සඳහා බඩ ඉරුඟු ටික, හාල් ටික ඇතුළු ද්‍රව්‍ය අපිට ලබා දෙන්න. එහෙම නැති වුනොත් ඉදිරියේදී බිත්තර ගෙඩියක් 70 ට යන එක නවත්තන්න බෑ. ඒක අපි කරන දෙයක් නෙවෙයි.”
ඒ අනුව මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳා ගැනීම වෙනුවෙන් වසන්ත සමරසිංහ සහ නාමල් කරුණාරත්න යන ඇමතිවරුන්ට මැදිහත්වන ලෙසද ඇන්ටන් අප්පුහාමි මහතා තවදුරටත් පවසයි.





