බද්දේගම පොලිස් වසමේ හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (29) රාත්‍රී බද්දේගම පොලිස් වසමේ හල්පාතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු අවුරුදු 23 කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බද්දේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.






