/ May 17, 2026

කුණාටුව අල්ලගෙන නඩු දාන්න. නඩුවේදී බලමුකෝ වෙන දේ!

පසුගිය 12 වැනිදා සිට 26 වැනිදා දක්වා සුළි කුණාටුවක් සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන එය වසන්කරගෙන සිටීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුත්තේ විපක්ෂයට වැව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කිසිදු ලෙසකින් අනතුරු හැඟවීමක් නිකුත් කර නොතිබුණු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

“සුළි කුණාටුවක් පිළිබඳව කිසිදු ලෙසක අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහෙම අනතුරු හඟවලා නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් අපි කියන්නෙ නඩු දාන්න. අපි බලමු නඩුවෙදී එතකොට කොහොමද වෙන්නෙ කියලා. ඔය විපක්ෂයේ මහත්තුරු කියනවානෙ 12 වෙනිදා අනතුරු හැඟෙව්වා කියලා. දැන් 12 ඉඳලා 26 වෙනකල් කිසි කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළෙ එක වචනයක් කතා කළේ නෑ. එහෙම අනතුරක් වෙනවා කියලා දැන දැන ඇයි සද්ද නැතිව හිටියෙ ? නඩු දාන්න ඕනෙ ආණ්ඩුවට නෙවෙයි විපක්ෂයට. ඇයි විපක්ෂය තමයි මේක දැනගෙන 12 වෙනිදා ඉඳලා 26 වෙනකල් මේක සඟවාගෙන හිටියෙ” යනුවෙන් ඔහු කියා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top