ආපදා හේතුවෙන් හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථාතත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන රජයෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (17) මෙරට සංචාරයක නිරත චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවකට එක්වෙමිනි.
මෙම ආපදා අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ එහිදී උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස වෙත ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබේ.
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර සපයා දීමෙන් චීන රජය ලබා දුන් හෘදයාංගම සහායද මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව අගය කර ඇත.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ආපදා තත්ත්වය සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳව චීන නියෝජිත පිරිස දැනුවත් කර තිබෙන අතර, විශේෂයෙන් හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ සංවර්ධනයට චීන රජයේ පූර්ණ සහාය මෙහිදී පළ කෙරුණු අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ආර්ථික, සංස්කෘතික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම හමුව ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනධිපතිවරයා පවසයි.





