කිසිලෙසකින්වත් රට තුළ ගෑස් හිඟයක් ඇති නොවන අතර ටෙන්ඩර් පටිපාටියට අනුව නව සමාගමක් ගෑස් සැපයීම සිදුකරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව පළමු ගෑස් නැව ජනවාරි 05 දිවයිනට පැමිණීමට නියමිත බව අමත්‍යවරයා සඳහන් කළේය.
ජනතාව බියවද්දන පහත් නින්දිත උත්සාහයක විපක්ෂයේ ඇතැමුන් නිරත වී සිටින බවයි විජිත හේරත් මහතා කියා සිටියේ.
“පසුගිය දිනවල ගෑස් ලබාදුන්නේ ඕමාන් සමාගම තමා. ඕමාන් සමාගමට වඩා ඩොලර් සත 15ක් අඩුයි අලුත් සමාගමක් ටෙන්ඩරයට ඉල්ලුම් කරා. ඒ අනුව ටෙන්ඩර් කමිටුව ඒ අලුත් සමාගමට ලබාදුන්නා. ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. තත්ත්ව පරීක්ෂා කරන්න අනුමැතිය දීලා තියෙනවා. පළමු නැව ජනවාරි 5 වෙද්දි ලංකාවට එනවා. කිසිදු ආකාරයක ගෑස් හිඟයක් ඇති වෙන්නේ නෑ. බොරුවට බියවද්දන්න එපා. රටක් විදියට අපි සියලුදෙනා එකාවන්ව නැඟිටිනවා. ඒ අධිෂ්ඨානය අපිට තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා වදිදුරටත් පැවසීය.





