/ Dec 29, 2025

කොළඹදී මාලිමාවට මොකද වුණේ?

ජාතික ජන බලවේගයට බලය හිමිකරගත් කොළඹ මහ නගර සභාවේ මංගල අයවැයත් පරාජයට පත්ව තිබේ.

එම අයවැය පළමුවර කියවීම සඳහා ඡන්ද විමසීම ඊයේ (22) පැවැත්වුණු අතර . අයවැයට විරුද්ධව ඡන්ද 60ක් ලැබී තිබුණි. අයවැයට පක්ෂව ලැබුණේ තිබුණේ ඡන්ද 57ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 3කින් කොළඹ මග නගර සභාවේ 2026 අයවැය පළමුවර කියවීම පරාජයට පත්විය.

කොළඹ මහ නගර සබ්වේ බලය පිහිටුවීමේදී රහස් ජන්දයක් මඟින් බලය ජාතික ජන බලවේගයට හිමි වූ නමුත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය අතරත් මතභේදාත්මක තත්ත්වයක් පැවතුනි.

පළාත් පාලන ජන්ද විමසීමේ ප්‍රතිඵල අනුව සුජුවම බලය පිහිටුවීමට නොහැකි වූ ආයතනවල මෙම තත්ත්වය උත්සන්න වී තිබෙන අතර එලෙස රහස් ජන්දයෙන් හෝ විපක්ෂයේ සහයෙන් පිහිටුවන ලද ආයතනවල අයවැය පරාජයට පත්වෙන අකාරය පෙනෙන්නට තිබුණි.

ජන්ද විමසීමේදී බහුතර ජනතාවකගේ කැමැත්ත කුමක් වුවත් මැතිවරණ ක්‍රමය අනුව දැන් එය ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබේ.

කෙසේවෙතත් මේ මොහොතේ විපක්ෂයේ අරමුණ මාලිමාවේ බලය ඇති ආයතනයන්හි අයවැය පරාජය කරවීම බව අවස්ථා කිහිපයකදීම අනාවරණය වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top