/ Jan 23, 2026

මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් තමයි දැන් ඕනේ – නාමල්

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා න තඹුත්තේගම දී පැවති ජන හමුවක් අමතමිනි.

”වර්තමානයේ අපේ ජනාධිපතිතුමා අපේ ගමට දෙවතාවක් ආවා.මම ටිකක් පරක්කු වුණා.හැබැයි ගරු ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා. හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ,මම ඔබේ ගමට ඇවිල්ලා ඊර්ෂ්‍යාව ක්‍රෝධය පතුරවන්නේ නෑ. හැබැයි අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයක් තුළ සියළු සංස්කෘතින් ආරක්ෂා වෙන්න ඕන” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරනවා මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් ගොඩනැගෙන්න ඕන කියලා.අවස්ථාවාදී දේශපාලනය තුළ තමන්ගේ රට ජාතිය ආගම පවාදීලා හරි තමන්ගේ දේශපාලන බලය රදා පවත්වාගන්නා දේශපාලනයක් නොවෙයි අපට ඕන කරන්නෙ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපේ හාමුදුරුවනේ නාගදීපෙට යන්නේ දැන් යුද්ධය නෑනේ. දැන් යන්න පුලුවන්. ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහු කරගෙන තමයි මිත්‍රවරුණි මඩු මෑණියොත් වන්දනාමාන කරගෙන්නේ. ඒ වගේම තමයි ජනාධිපතිතුමනි නල්ලූර් දේවස්ථානයේ ඉදලා යාපනයේ කෝවිල් ගණනාවක් පහුකරගෙන තමයි පා ගමනින් කතරගම පුදබිමට ඇවිල්ලා කතරගම දෙයිහාමුදුරුවෝ වැද පුදාගන්නේ. ඒක ජාතිවාදය නෙමෙයි ඒක විශ්වාසය. බෞද්ධයාට නාගදීපය ගැන තියෙන විශ්වාසයම තමයි කතෝලිකයාට මඩු මෑණියන් ගැන තියෙන්නේ. ඒ හා සමාන වූ විශ්වාසයක් භක්තියක් තමයි හින්දු සංස්කෘතිය විශ්වාස කරන කතරගම දෙවි හාමුදුරුවෝ විශ්වාස කරන අයට කතරගම පුදභූමිය ගැන තියෙන්නේ.ඒ භූමිය කඩාගෙන වෙන් කරගෙන පාලනය කරන්නවත් තියන ආසාව නෙමෙයි.

දෙවියන් කෙරෙහි ආගම කෙරෙහි තියෙන විශ්වාසය.ඒ නිසා ඔබ විශ්වාස කරනවනම් ජනාධිපතිතුමනි බෞද්ධ දර්ශනයට ඇගිල්ල දික් කරලා ඔබේ දේශපාලනය උතුරේ ගොඩනගා ගන්න උතුරේ දමිළ ජනතාව ඒකට සූදානම් නෑ. ඔවුන් සංස්කෘතිය විශ්වාස කරනවා. අපිත් සංස්කෘතිය විශ්වාස කරනවා. ඒ වගේම තමයි අමතක කරන්න එපා අද ලෝකේ බොහෝ රටවල ආගමික අර්බුද තියනවා. මහා බ්‍රිතාන්‍ය ගත්තත් එහෙමයි. ඇමරිකාවේ ගත්තත් එහෙමයි. අද අපේ රටේ ආගමික ප්‍රශ්නයක් නැහැ. ආගම් අතර මරාගෙන ඇනකොටා ගන්නේ නැහැ ඇයි ඒ. අපේ හාමුදුරුවනේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගිච්ච සමාජයේ අනෙක් සියළු ආගම් රැකෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ මහපොළවේ ජනතාවගෙන් ගොඩනැගිච්ච දේශපාලන බලවේගයක් වන අතර පක්ෂයක් ලෙස හැමදාමත් මේරටේ ගොවිජනතාව වෙනුවෙන් පෙනී සිටි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”එහෙමනම් අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මිත්‍රවරුනි අපි අභියෝගාත්මක කාලයක් පහු කරගෙන ආවේ.ඒ වගේම තමයි අභියෝග ගණනාවක් ඉස්සරහට මුහුණ දෙන්න වෙනවා.මේ හැම අභියෝගයකටම ශක්තිමත්ම අපි මුහුණ දෙමු.ආණ්ඩුවේ මර්ධනයට නම් අපිව නවත්තන්න බෑ.හිර ගෙවල් පෙන්නලා අපිව නවත්තන්න බෑ.කොඩි කණුවක් ගලවලත් අපිව නවත්වන්න බෑ.ඒ නිසා ඔබේ මර්ධනය ඔබ තියාගන්න ඒ 88/89 සෙල්ලම් දැන් දාන්න ලෑස්ති වෙන්න එපා.එදා මහින්ද රාජපක්ෂ හිටියා දැන් ඉන්නව නාමල් රාජපක්ෂ ආයි 88/89 සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා ඒවා ඒ කාලේ.මේ අද අලුත් පරම්පරාවක් වෙනස් දේශපාලන සංස්කෘතියක්.ඒ හින්දා ඔය 88/89 සෙල්ලම් මතක් කරලා අපේ තාත්තා කියලා එව්ව ඒ වචනේ කියන්න එපා කියලා ඒ හින්දා මම කියන්නේ නෑ.ඒ හින්ද ඒවා තියාගන්න ලෑස්ති වෙන්න එපා.හැබැයි ඔබ හොරු අල්ලන්න ඒ හොරු අල්ලන ගමන් කන්ටේනර් 323 පන්නපු එකාවත් අල්ලගන්න. අර කුඩු කන්ටේනර් වරායෙන් පන්නපු එකාවත් අල්ලන්න.ගල් අඟුරු ගෙනාපු ගෙනාවත් අල්ලන්න.කැබ් 1700 ගෙනාවත් අල්ලන්න.පිටරටින් හාල් ගේන කෙනාවත් අල්ලන්න.

නාධිපතිතුමා චොපර් එකේ යන්න ඕන.මම ඒකට බනින්නෙ නෑ.එයා යන්නෙ නෑ කියලා ආපු එකට අපි මොනවා කරන්නද.දැන් එතුමා පාරේ ගියා නම් ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් වැඳගෙන තමයි යන්න වෙන්නේ.චොපර් එකේ ගිය නිසා ශේප් එකේ ගියා.ආ උගන්ඩාවේ සල්ලි ඒක ගේන්න.ඒක ගේන්න ඕනේ.අර ඩුබායි මැරියට් හෝටලේ ඒක ගේන්නත් ඕනේ.ඒ හින්දා අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ බොරුව නවත්තන්න.රැවටිල්ල නවත්වන්න මර්ධනය නවත්වන්න ඔබ මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා ඒ පොරොන්දු ඉටු කරන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top