නැගෙනහිර පළාතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන ගිය වැඩවර්ජනය මේ වන විට අවසන් කර තිබේ.
ඒ, චෝදනාවන්ට ලක් වූ අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කිරීමෙන් අනතුරුවය.
ඒ අනුව නැගෙනහිර පළාතේ දියත් වූ වෛද්‍ය වැඩ වර්ජනය අද දින දහවල් 02ට අවසන් කර ඇත.
මේ වන විට නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට ආරම්භ කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරන්නේ.





