/ Jan 29, 2026

ප්‍රවීණ සිනමාවේදී සේන සමරසිංහයන් දිවි රඟ මඬලින් බැසයයි!

සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා දායක වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සමරසිංහයන් මියයන විට 89 වන වියේ පසුවිය.

කස්තුරි සුවඳ, නිල්ල සොයා, මල් කැකුලු, චංචල රේඛා, ඈතින් ඈතට, යලි හමුවෙන්නයි,බඹර කලාපේ යන චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් කිහිපයකි.

සේන සමරසිංහයින් ‘සඳහටම ඔබ මගේ’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව 1974 දී කස්තුරි සුවඳ චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු බවට පත් විය.

1937 නොවැම්බර් මස 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ උපත ලැබූ නන්දසේන සමරසිංහ මහතා කලා ලොව සේන සමරසිංහ නමින් ප්‍රසිද්ධියට පත්වූ අතර, ඔහු ජනප්‍රිය චිත්‍රපටි නළුවෙකු වන බන්දු සමරසිංහ මහතාගේ ඥාතියෙකු ද වෙයි.

බණ්ඩාරවෙල ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති සේන සමරසිංහ මහතා පාසල් සමයේදී ක්‍රීඩා අංශයෙන් සුවිශේෂී දස්කම් පෙන්වූ අයෙකි.

අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු සිනමාව යොමුව ඇති සමරසිංහයන් සිය කල දිවිය අරඹන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ඇසුරත් සමගය.

එලෙස ඇරඹි සිනමා දිවිය දේශීය සිනමාව එකළු කරන්නට ඔහුගේ නොමද කැපකිරීම දායක වූ බවද දැක්විය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top